හම්බන්තොට බඳගිරිය ප්රදේශයේ දී තරුණයින් දෙදෙනෙකුට ප්රදේශවාසීන් කළ පහරදීමකින් එක් තරුණයෙකු මරණයට පත්වීමේ පුවතක් වාර්තා වුණා. එහිදී අනෙක් තරුණයා ප්රදේශවාසීන්ගෙන් මිදී පළාගොස් තිබුණා. අද (16) සවස් කාලයේ මෙම සිද්ධිය ඇති වී තිබුණා.
මෙලෙස පැන ගිය තරුණයා ඔහුගේ මිතුරෙකු සමග මත්පැන් පානය කර පසුව ඔහු සමග සිය නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන තිබුණා.
බිරිඳට සහ පවුලේ අයට පහරදෙමින් සිටි අදාළ තරුණයාව ඉන් ඉවතට ගැනීමට ප්රදේශවාසීන් සිද්ධියට මැදිහත් වී ඇති අතර එහිදී ප්රදේශවාසීන් සහ අදාළ තරුණයින් දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ අනුවයි අදාළ තරුණයින් දෙදෙනා ප්රදේශවාසීන්ගෙන් පහරකෑමට ලක්වී ඇත්තේ.
අදාළ තරුණයින් දෙදෙනා මත්පැන් පානය කර මෙලෙස පැමිණ තිබූ බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
මෙම සිදුවීම මැතිවරණයට අදාළ සිදුවීමක් නොවන බවයි ප්රදේශය භාර උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේ.