Thursday, December 12, 2019
Hotline - 0770586666

"රටම බලා සිටින ප්‍රතිඵල තවමත් ප්‍රමාද ඇයි?" - මහින්ද දේශප්‍රිය පැහැදිළි කරයි

3397Views




මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ වන විට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී කියා සිටියේ, තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් 103ක ඡන්ද ගණන් කිරීම් අවසන් වී එම ප්‍රතිඵල වාර්තා දිස්ත්‍රික් ප්‍රතිඵල වගු ගත කිරීමේ කාර්යාලවලට ලැබී ඇති බවයි. 

එයින් 70කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ෆැක්ස් මගින් එවා තිබුණත් කිසිඳු දිස්ත්‍රික්කයක සියලුම තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ප්‍රතිඵල එම දිස්ත්‍රික් මධ්‍යස්ථානවලට ලැබී නැති බැවින් තවමත් කිසිදු දිස්ත්‍රික්කයක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බවයි සඳහන් කෙරුණේ.