Thursday, December 12, 2019
Hotline - 0770586666

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ගෝඨාභය සහ සජිත් අතර කරට කර සටනක්

1960Views




2019 ජනාධිපතිවරණයේ පෙරවරු 6.15 දක්වා ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඡන්ද තුන් ලක්‍ෂ 99,394ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමත් වී සිටිනවා. එහි ප්‍රතිශතය සියයට 47. 63 ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඡන්ද තුන් ලක්‍ෂ 61,059 ක් ලබාගෙන සිටිනවා. එහි ප්‍රතිශතය 43.06 ක්.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ප්‍රකාශිත ඡන්දවලින් සියයට 4.13 ක් ලබාගැනීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමත් වී තිබෙනවා. ඔහු ලබාගෙන සිටින ඡන්ද සංඛ්‍යාව 34,672 ක්. 

මේ දක්වා ප්‍රතිඵල ප්‍රකාශිත ආසනවලින් 8 ක ජය ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට හිමිව තිබෙනවා. ඔහු ජය ගෙන ඇති ආසන වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස්, පේදුරුතුඩුව, නල්ලූර්, වඩුක්කෝඩෙයි, කංකසන්තුරේ, චාවකච්චේරි හා යාපනය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ලයි. 

මේ දක්වා ප්‍රතිඵල ප්‍රකාශිත ආසනවලින් 3 ක ජය ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට හිමිව තිබෙනවා. ඔහු ජයගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ හා හබරාදුව සහ මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර යන ආසනයි. 
මේ දක්වා ප්‍රතිඵල ප්‍රකාශිත තැපැල් ඡන්දවලින් වන්නි, දිගාමඩුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ජය ගැනීමට ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමත් වුණා. කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, හම්බන්තොට, මාතර, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 13නේම තැපැල් ඡන්ද ප්‍රතිඵලවල ජය හිමිව ඇත්තේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂටයි.