Thursday, December 12, 2019
Hotline - 0770586666

පශ්චාත් මැතිවරණ සමයේ සාමකාමීව හැසිරෙන්නැයි පොලීසියෙන් යළි ඉල්ලයි

207Views




පශ්චාත් මැතිවරණ සමයේ තවදුරටත් සාමකාමීව හැසිරෙන්නැයි පොලීසිය ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා. මේ, ඒ පිළිබද කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.

මේ අතර පෙරවරු 7.30 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඡන්ද හත් ලක්‍ෂ 53,907 ක් ද ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ඡන්ද 6 ලක්‍ෂ 90,578 ක් ද ලබාගෙන තිබෙනවා. සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය 47.6 ක්. ගෝඨාභය රාජපක්‍ෂගේ ඡන්ද ප්‍රතිශතය 43.6 ක් වනවා. ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 53,389 ක්.