Thursday, February 20, 2020
Hotline - 0770586666

ලංකාවෙන් පළමු වරට කොරෝනා වෛරසය වැලදුණු රෝගියෙක් හමුවේ

2520Views




 

නව කොරෝනා වෛරසය වැලදුණු චීන ජාතික කාන්තාවක් හමුවූ බව වසංගත රෝග වෛද්‍ය ඒකකය සනාථ කර සිටිනවා. මෙරටින් වාර්තා වන පළමු වෛරස් අසාධිත රෝගියා මෙය වනවා.

මෙම කාන්තාව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇති අතර ඉකුත් ජනවාරි 25 වෙනිදා ඇය අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කළ බවයි වෛද්‍ය සුදත් සමරවිර සඳහන් කලේ. 

මෙම කාන්තාව 43 හැවිරිදි වියේ පසුවන බවයි වෛද්‍ය සුදත් සමරවිර වැඩිදුරටත් සඳහන් කලේ.