Thursday, February 20, 2020
Hotline - 0770586666

කොරෝනා වෛරසය ආසාධිතවූ කාන්තාව ආගිය තැන් සොයා ගැනේ

3846Views




 

නව කොරෝනා වෛරස වැළඳී ඇති බවට හදුනා ගෙන ඇති 43 හැවිරිදි චීන ජාතික කාන්තාව ඉකුත් ජනවාරි 19 වෙනිදා තවත් චීන ජාතිකයින් පිරිසක් සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඇය සිය සංචාරක කණ්ඩායම සමග යලි චීනය බලා යාමට සුදානම්ව සිටියදී උණ රෝගයට ගොදුරුව ඇති අතර පසුව ඇය අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර ඇත. කෙසේ වුවත් ඇය සමග පැමිණි අනෙක් චීන ජාතිකයින් යලි සිය රට බලාපිටත්ව ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසය වැලදී ඇති කාන්තාව සංචාරය කළ ස්ථාන සහ ඇය නවාතැන්ගත් ස්ථාන පිළිබද සියලු විස්තර මේ වන විට සෞඛ්‍ය බලධාරින් සතුව පවතින බවයි.

එම කාන්තාව ගමන් කළ ස්ථාන සහ නවාතැන් ගෙන සිටි ස්ථාන පරික්ෂා කිරීමට සෞඛ්‍ය සේවා බලධාරින් මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් එහි සිටි අනෙක් පුද්ගලයින් දැනුවත් කිරිමද සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙම කාන්තවගේ රුධිර සාම්පලයක් වැඩිදුර විමර්ශන සඳහා විදෙස් රටකට යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කර සිටියා.