Thursday, February 20, 2020
Hotline - 0770586666

බන්ධනාගාරගත රැඳවියන් නිදහස් වූ පසු විදෙස් රැකියා - ඇවන්ට්ගාඩ් අධිපතිගෙන් තවත් සමාජ ව්‍යවසායක අදහසක්

1903Views




 

බන්ධනාගාරවල රැඳවූවන්ට වෘත්තීය පුහුණුව ලබාදී දඬුවම් කාලය අවසන් වූ පසු ඔවුන්ට දේශීය හෝ විදේශීය රැකියා ලබාදීම සඳහා නව ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා. 

මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන්නේ ඇවන්ගාඩ් සභාපති විශ‍්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිගේ මෙහෙයවීමෙන්. මෙම පුහුණුව සඳහා තෝරා ගනු ලබන රැඳවූවන්ට විශේෂ පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද  ප‍්‍රකාශ කෙරුණා. 

විධිමත් යාන්ත‍්‍රණයක් යටතේ රැඳවූවන් මෙලෙස පුහුණු කිරීම මගින් සමාජය වඩාත් සුරක්ෂිත වන බව ද ඇවන්ගාඞ් සභාපති විශ‍්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මෙහිදී පෙන්වා දුන්නා. 

යෝජිත ව්‍යාපෘතිය ලබන 18 වන දා ආරම්භ කෙරෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.